“විශාල දුකක් සහ බලාපොරොත්තු සුන් වීමක් ඒ හිනාවෙන් වහ ගත්තා” – සංගක්කාර

Date:

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව හමුවේ පරාජයට පත් වීමෙන් පසුව ඉන්දීය ක්‍රීඩකයින් සතුට සමරන අයුරු දැක ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර සිනහවක් නගන අයුරු ලොව පුරා කතාබහට ලක් වූ කරුණක්.

ඉන්ස්ටර්ග්‍රෑම් සමාජජාලා මාධ්‍ය ඔස්සේ ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක ආර්. අශ්වින් සමග සංවාදයකට එක්වෙමින් කුමාර් සංගක්කාර මේ සම්බන්ධයෙක් යළි සිය මතකය ආවර්ජනය කළා.

එහිදී ඔහු සදහන් කළේ ලෝක කුසලාන පරාජයෙන් පසුව ඇති වූ විශාල දුකක් සහ බලාපොරොත්තු සුන් වීමක් එම සිනහව තුළින් යටපත් කළ බවයි.

“මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ජීවත්වන විට මගේ ජීවිතයේ අපිව පහතට ඇද දමන බොහෝ දේ සිදු වුණා. කණස්සල්ලට පත් වන බොහෝ දේ තියෙනවා. වසර 30ක යුද්ධය, 2005 වසරේ ඇති වූ ස්වභාවික විපත්. අපිට බොහෝ ප්‍රශ්න තිබුණා. නමුත් ශ්‍රී ලාංකිකයින්ගේ ශ්‍රේෂ්ඨතම දෙය නම් ඔරොත්තු දීමේ හැකියාවයි. එය අප තුළම සහජයෙන්ම තියෙනවා. අපි ක්‍රීඩා කරනකොට අපිට ඕනෙ දිනන්න. අපි ගොඩක් තරගකාරීයි.”

යනුවෙන් සංගක්කාර සදහන් කළා.

“අපි දිනුවත් පැරදුණත්, එය සමානව භාරගන්නේ කොහොමද කියල අපි දන්නවා. 1996 වසරේ සිට ලෝක කුසලානයක් දිනන්න බලාගෙන ඉන්න මිලියන 20ක් පමණ වන ශ්‍රී ලාංකිකයින් ගැන හිතනකොට, සිනහව හංගනව විශාල දුකක් සහ බලාපොරොත්තු සුන් වීමක්. අපිට 2011 සහ 2007 වසරවලදී අවස්ථාවන් ලැබුණ. 2009 සහ 2012 වසරවලදී 20යි 20 තරග රටාවෙන් අවස්ථාවන් ලැබුණා.”

“ජය සහ පරාජය විද දරාගත හැකි හොදම ක්‍රමය එය ජීවිතය බව තේරුම් ගැනීමෙන්. හැමදේම ඔබේ හොදට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් වැදගත් දෙයනම් එය එකසේ භාර ගැනීමට ඇති හැකියාවයි.”

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...