2007 න් පසු දකුණු අප්‍රිකාව පාකිස්තානයට

Date:

එළඹෙන ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක නිරත වන බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය අද(9) නිවේදනය කළා.

ඒ, ටෙස්ට් තරග දෙකක් සහ 20යි 20 තරග 3ක් ක්‍රීඩා කිරීම සදහායි.

ඒ අනුව ජනවාරි 26 වනදා සිට පෙබරවාරි 14 වනදා දක්වා අදාළ තරග පැවැත්වීමට නියමිත අතර, සියලු තරග කරච්චි, රාවල්පින්ඩි සහ ලාහෝර්හී දී පැවැත්වෙනු ඇති.

මෙය 2007 වසරෙන් පසුව දකුණු අප්‍රිකා කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාවයි.

දකුණු අප්‍රිකා කණ්ඩායම ජනවාරි 16 වනදා පාකිස්තානයට ළගා වන අතර, අනතුරුව පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර නිරෝධායන කාල සීමාවක් ද ගත් කරනු ඇති.

පසුව දකුණු අප්‍රිකානු සංචිතයේ ක්‍රීඩකයින් අතරම පුහුණු තරගද පැවැත්වීමට නියමිත බව සදහන්.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජනවාරි 26 වනදා කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය දකුණු අප්‍රිකා කණ්ඩායම පාකිස්තානයේ දී ක්‍රීඩා කරන පළමු 20යි 20 තරගාවලිය ලෙස ඉතිහාසයට එක් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...