ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය කල් යන ලකුණු

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය කල් දැමීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, කොරෝනා වසංගත අර්බුදය හමුවේ එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය අතරමැදදී අවලංගු කිරීමට ගත් තීරණයත් සමගයි.

දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකුට සහ එංගලන්ත සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බවට හදුනා ගෙන තිබූ අතර, ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී තිබුණා.

ඒ හේතුවෙන් දෙරට අතර පැවැත්විමට නියමිත වූ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සම්පූර්ණයෙන් අතහැර දැමීමට පියවර ගත්තා.

කෙසේ වෙතත්, පසුව අණාවරණය වූයේ එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනාට වෛසරය ආසාදනය වී නොමැති බවයි.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනා ගැණුනු දකුණු අප්‍රිකා ක්‍රීඩකයාගේ ශරීරයේ ද වෛරසය මේ වන විට නොමැති බවටයි නවතම පරීක්ෂණවලදී අණාවරණය වී ඇත්තේ.

නමුත් ක්‍රීඩකයින් සහ නිළධාරීන් අවධානම් තත්ත්වයකට පත් නොකර අදාළ තරග සංචාරය කල් දැමීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් එළඹෙන 17 වනදා, එනම් එල්.පී.එල් තරගාවලිය අවසන් වීමෙන් දිනකට පසුව දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන බවයි.

එහිදී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වන ටෙස්ට් තරග දෙකක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...