ධනංජය යොමු කළ තරගාවලියේ පන්දුව මෙන්න

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතා දක්වන ක්‍රීඩකයින් අතරින් නවක ක්‍රීඩකයින්ට ද හිමි වන්නේ  සුවිශේෂී ස්ථානයක්.

මෙවැනි තරගාවලියක් සංවිධාන කිරීමේ අරමුණ වන්නේ ද නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතා හදුනා ගැනීම සහ ඔවුන්ට දක්ෂතා දැක්වීමට මෙන්ම අත්දැකීම් ලබා ගැනීමට සුදුසු අවස්ථාවක් සකස් කර දීමයි.

එසේ දක්ෂතා දක්වන නවක ක්‍රීඩකයින් අතරින් ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයෙකු ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධනංජය ලක්ෂාන් හැදින්විය හැකියි.

පසුගිය තරගවලදී ඔහු ඉතා හොදින් පන්දු යැවූ අතර, අද කලම්බු කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී ද ලකුණු 34කට එක් කඩුල්ලක් දවා ගත්තා.

ඔහු දවා ගත්තේ ලොරී එවන්ස්ගේ කඩුල්ල වන අතර, කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනුයි එවන්ස්ට යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණේ.

එම පන්දුව සැබවින්ම අගය කළ යුතු පන්දුවක් වන අතර, එය මෙවර තරගාවලියේ දුටු විශිෂ්ඨම පන්දුව ලෙස හැදින්වුව ද වරදක් නැහැ.

පිතිකරුවාට එම පන්දුවට නිවැරැදි පහරක් එල්ල කිරීමට නොහැකි වූයේ අදාළ පන්දුව පිතිකරුවා තුළට දැඩි දෝලනයක් සහිතව පැමිණීම හේතුවෙන්.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...