තවත් විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙක් LPL තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට පැමිණී විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු තරගාවලියෙන් ඉවත්වී යළි සිය රට බලා පිටව යාමට සූදානමින් සිටින බවට වාර්තා වනවා.

ඒ, කලම්බු කිංග්ස් කණ්ඩායම හා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි කැනඩාවේ රවින්දපාල් සිං හා පාකිස්තානයේ සොහයිල් තන්වීර් යන ක්‍රීඩකයන් දෙදෙනායි.

මෙරටට පැමිණීමේ දී සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂාවෙන් පසුව ඔවුන් දෙදෙනා කොරෝනා ආසාදිතයන් බවට හදුනාගනු ලැබුවා.

පසුව ප්‍රතිකාර සදහා යොමු කිරීමටයි බළධාරීන් කටයුතු කළේ.

ඒ හේතුවෙන් මෙම ක්‍රීඩකයන් දෙදෙනාට මෙවර එල්.පී.එල් තරගාවලියේ එකදු තරගයක්වත් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදා වූයේ නැහැ.

තරගාවලියේ වෛද්‍ය අධ්‍යක්ෂක අර්ජුන ද සිල්වා මහතා සදහන් කර ඇත්තේ අවසන් වරට සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවලට අනුව අදාළ ක්‍රීඩකයින් දෙදෙනාගේ ශරීර තුළ කොරෝනා වෛරසය නොමැති බවට තහවුරු වී ඇති බවයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය නිර්දේශ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබන්නන් යම් කාලයක් විවේකීව ගත කළ යුතු බැවින් මෙම ක්‍රීඩකයින් දෙදෙනාට ද ඉදිරි දින කිහිපය තවදුරටත් විවේකීව ගත කිරීමට සිදුවනු ඇති.

මීට පෙර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩි සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ අෆ්ටබ් අලාම් ද පෞද්ගලික හේතූන් මත තරගාවලිය අතරතුර දී යළි සිය රට බලා පිටත්ව යාමට තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...