කණ්ඩායම් පහක් සමගින් ලංකන් ප්‍රිමියර් ලීගය අගෝස්තුවේ

Date:

කෙරෝනා අර්බුදය හමුවේ වුවද එල්.පී.එල් හෙවත් ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන අගෝස්තු මාසයේ දී පැවැත්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු මස දෙවැනි සතියේ දී තරගාවලිය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා වෙත උපදෙස් ලබා දී ඇති බව සදහන්.

ඔහු විසින් විදෙස් ක්‍රීඩකයින් සම්බන්ධ කර ගැනීම, අනුග්‍රාහකයින් සම්බන්ධ කර ගැනීම මෙන්ම කණ්ඩායම් මිලදී ගැනීම සදහා කැමැත්තෙන් පසුවන පාර්ශව සම්බන්ධ කර ගැනීමට අදාළ කටයුතු සිදු කරනු ඇති.

කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය පැවැත්වීම සදහා රජයේ අනුමැතිය ද අවශ්‍ය වන බැවින් මේ වන විටත් ඊට අදාළ රජයේ අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලිය පැවැත්වීමට හැකි වුවහොත් එය කණ්ඩායම් 5කගේ සහභාගීත්වයකින් යුත්, දින 23ක තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතයි.

මෙහි පළමු අදියර 2012 වසරේ දී පැවැත්වුණේ ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් (SLPL) යන නමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...