විලියම්සන්ගෙන් ද්විත්ව ශතකයක් – කොදෙව්වන් 470ක් පිටුපසින් – Day 2 Report

Date:

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවැනි දිව්ත්ව ශතකය වාර්තා කිරීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් අද(40) සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හැමිල්ටන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 519ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

නවසීලන්ත ඉනිම ශක්තිමත් කළ විලියම්සන් ලකුණු 251ක් රැස් කළේ හයේ 2ක් සහ හතරේ පහර 34ක් සමගින්.

ටොම් ලේතම් ලකුණු 86ක් සහ ක්යිල් ජමිසන් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කෙමා රෝච් සහ ෂැනොන් ගැබ්‍රියල් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

අද දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 49ක් ලබා සිටියා.

ඒ අනුව ඔවුන් මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 470ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...