ඇන්ජෙලෝ 67 – දඹුල්ලට කඩුලු 5ක ජයක් – මහනුවර 4 වැනි පරාජයත් ලබයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන පරාජයත් අත්විදීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද (3) සිදු වුණා.

ඒ, තරගාවලියේ 10 වැනි තරගයෙන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම හමුවේ කඩුලු 5කින් පරාජය වීමත් සමගයි.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස් ලකුණු 55ක් සහ කුසල් ජනිත් ලකුණු 41ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළ ද මැද පෙල පිතිකරුවන්ගෙන් සාර්ථක දායකත්වයක් ඉනිමට නොලැබීම හේතුවෙන් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට තිබූ අවස්ථාව මහනුවර පිලට අහිමි වුණා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 16කට කඩුලු 2ක් සහ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 28කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ක්‍රීඩකයින් පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජෙලෝ පෙරේරා පන්දු 49කින් ලකුණු 67ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින්.

නායක දසුන් ශානක ලකුණු 33යි.

පන්දු යැවීමේ දී මුනාෆ් පටෙල්, දිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මෙම ජයග්‍රහනයත් සමග දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණිමට ද සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...