සංගා – මහේලගේ වසර 10 ක් පැරණි ලෝක වාර්තාව එක් ලකුණකින් බිඳ වැටෙයි

Date:

ශ්‍රී ලංකාව සතුව තිබූ තවත් එක් ලෝක වාර්තාවක් ඊයේ (1) බිද වැටුණා.

එංගලන්ත පිතිකරුවන් දෙදෙනෙකු වන ලොව අංක එකේ 20යි 20 පිතිකරු ඩාවිඩ් මලාන් සහ ජොස් බට්ලර් විසිනුයි මෙම ලෝක වාර්තාව බිද දමනු ලැබුවේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තෙවන හා අවසන් විස්සයි විස්ස තරගයේදී ඔවුන් දෙදෙනා විසින් එංගලන්ත දෙවන කඩුල්ලට ගොඩනැගූ නොබිදුණු සබදතාවය  ලකුණු 167 ක්.

එය 20යි 20 ඉතිහාසයේ දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ඉහළම සබදතාවය ලෙසයි වාර්තා අතරට එක්වුණේ.

ශ්‍රී ලංකා හිටපු විශිෂ්ඨ පිතිකරුවන් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් එම වාර්තාවට මීට පෙර උරුමකම් කියූ අතර ඔවුන් 2010 වසරේදී බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 166 ක සබදතාවක් ගොඩනගමින් එම වාර්තාව පිහිටුවීමට සමත් වී තිබුණා.

දකුණු අප්‍රිකාව ඊයේ පැවැති තරගයේ දී ලද පරාජයත් සමග තරගාවලියේ ජය තරග 3-0ක් ලෙස එංගලන්ත කණ්ඩායම සතුවුණා.

මෙය දකුනු අප්‍රිකා කණ්ඩායම 0-3ක් ලෙස විස්සයි විස්ස තරගාවලියක් පරාජයට පත් වූ ප්‍රථම අවස්ථාව වීම ද විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ක්වෙන්ටන් ඩී කොක් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 191 ක් ලබා ගනිමින්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් වැන් ඩර් ඩුසේන් පන්දු 32 කදී නොදැවී ලකුණු 74 ක් රැස් කළා.

ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 37 කදී නොදැවී ලකුණු 52 යි.

ඔවුන් දෙදෙනා අතර 4 වන කඩුල්ලට නොබිදුණු ලකුණු 127ක සබදතාවයක් ගොඩ නැගුණු අතර, එය සිව්වන කඩුල්ලට වාර්තා වූ 20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළම සබදතාවයයි.

පන්දු යැවීමෙදී බෙන් ස්ටෝක්ස් කඩුලු 2 ක් බිඳ හෙලීමට සමත් වෙද්දී ක්‍රිස් ජෝඩන් පන්දුවාර 4 ක් යොමු කරමින් ලකුණු 42 ක් ලබා දී එක් කඩුල්ලක් දවාගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර17.4ක් අවසානයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඩාවිඩ් මලාන් පන්දු 47කින් නොදැවී ලකුණු 99ක් රැස් කළේ හයේ පහර 5ක් සහ හතරේ පහර 11ක් ඉනිමට එක්කරමින්.

ඔහුට අනගි සහායක් ලබා දුන් ජොස් බට්ලර් නොදැවී ලකුණු 67 ලබා ගත්තා.(6×5, 4×3)

පන්දු යැවීමේ දී Anrich Nortje එක් කඩුල්ලක් බිද හෙලුවා.

මෙය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩා පිටියේ විස්සයි විස්ස තරගයක් තුළ කණ්ඩායමක් හඹා ගොස් තරගයක් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා පොත් අලුත් කළා.

අවසන් තරගයේ හා තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ ඩේවිඩ් මලාන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...