ෂෙවාග්ගේ උපහාසයට ඉන්දියාවෙන් පළිගත් ස්ටීවන් ස්මිත්

Date:

ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට(2) කැන්බරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාව පරාජය කරමින් තරගාවලියේ ජය දෙකට බිංදුවක් ලෙස හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විටත් සමත් වී අවසන්.

ඒ අනුව  පූර්ණ තරගාවලි පරාජයක් ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් අත්කර දීමේ බලාපොරොත්තුවෙන් ඔස්ට්‍රේලියාව හෙට දිනයේ දී තරගයට පිවිසිද්දී ඉන්දිය කණ්ඩායම සිය ගෞරවය ආරක්ෂා කරගැනීමේ සටනක නිරතවනු ඇති.

ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙම තරගාවලියේ ජයගත් තරග දෙක තුළම තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට ස්ටීව් ස්මිත් සමත් වුණා.

තරග දෙකේදීම ශතක වාර්තා කිරීමට ඔහු සමත් වූ අතර ඉතාමත් ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයක් ඔහුගෙන් දැකගැනීමට ද හැකි වුණා.

තරග දෙක තුළ ලකුණු 209 ක් වාර්තා කර ඇති ස්ටීව් ස්මිත් 160.76 ක විශිෂ්ඨ ප්‍රහාරාත්මක වේගයක් පවත්වාගැනීමට සමත්වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්දීය හිටපු ආරම්භක පිතිකරුවෙකු වන විරේන්ද ෂෙවාග් ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සම්බන්ධයෙන් මෙම තරගාවලියට පෙර වෙනස් ආකාරයේ අදහස් දැක්වීමක් සිදු කර තිබූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා පලව තිබුණා.

ෂෙවාග් එහිදී සදහන් කර තිබුණේ ස්මිත් එක්දින තරගවලදී සිය පිතිකරණ ප්‍රහාරාත්මක වේගය ඉහළ නංවා ගත යුතු බවටයි.

ස්මිත්ගේ ඒක්දින තරගවල පිතිකරණ ප්‍රහාරාත්මක වේගය තමාගේ ටෙස්ට් තරගවල පිතිකරණ ප්‍රහාරාත්මක වේගයට සමාන බවට ෂෙවාග් පවසා තිබූ බව සදහන්.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයට ස්ටීව් ස්මිත් සිය පිත්තෙන් සුදුසු ප්‍රතිචාරය දක්වා ඇති බවයි බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...