දසුන්ගේ පිත්ත සහ පන්දු යවන්නන්ගේ දක්ෂතා දඹුල්ලට ලකුණු 28ක ජයක් ගෙනෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් ලැබූ පළමු පරාජය අත්විදීමට කලම්බු කිංග්ස් කණ්ඩායමට අද(1) සිදු වුණා.

ඒ, මෙවර තරගාවලියේ 7 වන තරගයෙන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම හමුවේ ලකුණු 28කින් පරාජයට පත්වීම හේතුවෙන්.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තා.

නායක දසුන් ශානක පන්දු 34කින් ලකුණු 56ක් ලබා ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ඉනිමට එක්කරමින්.

සමිත් පටෙල් ලකුණු 30ක් සහ උපුල් තරංග ලකුණු 25ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ඉසුරු උදාන සහ ඇන්ඩ්‍රි රසල් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 18.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

ලව්රි එවන්ස් පන්දු 33කින් ලකුණු 59ක් රැස් කළ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්ව තිබුණා.

සෙසු කිසිදු පිතිකරුවෙකුගෙන් කොළඹ ඉනිමට සැලකිය යුතු දායකත්වයක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී පුලින තරංග, මාලින්ද පුෂ්පකුමාර, අන්වර් අලී සහ සමිත් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ වන විට දඹුල්ල සහ කොළඹ යන කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග තුනෙන් තරග දෙක බැගින් ජය ගැනීමට සමත් වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...