නවසීලන්තයට ගිය පාකිස්තානයේ 6කට කොරෝනා – පුහුණුවීම්වලටත් තහනමක්

Date:

නවසීලන්තයේ තරග සංචාරයකට එක්ව සිටින පාකිස්තාන සංචිතයේ 6 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා.

නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ අදාළ ආසාදිතයින් මේ වන විට සෙසු සාමාජිකයින්ගෙන් වෙන් කර හුදෙකලා කර ඇති බවයි.

පාකිස්තාන ක්‍රීඩකයින් පසුගිය 24 වනදා නවසීලන්තයට ළගා වූ අතර, අනතුරුව ඔවුන් මේ වන විට දින 14ක නිරෝධායන කාලයක් ගත කරමින් සිටිනවා.

කෙසේ වෙතත්, නිරොධායනයේ නිරත වූ පළමු දිනයේ දී ම පාකිස්තාන ක්‍රීඩකයින් පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

නිරෝධායනය අතරතුර පුහුණුවීම් සිදු කිරීම සදහා ලබා දී තිබූ අවසරය ද නවතම තත්ත්වයත් සමග තාවකාලිකව අත්හිටුවා ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 18 වනදා ආරම්භ වීමට නියමිත අතර, පසුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් ද පැවැත්විමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...