“රසල් LPL ගහනවා කියලා මම දන්නේ නෑ , ඒක මට පුවතක්” : කොදෙව් පුහුණුකරු

Date:

ඇන්ඩ්‍රි රසල් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින බව තමා නොදන්නා බව බටහිර ඉන්දීය කොදෙව් ප්‍රධාන පුහුණුකරු පිල් සිමන්ස් පවසනවා.

ඒ, අනිද්දා(27) නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

හෙට ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඇන්ඩ්‍රි රසල් කලම්බු කිංග්ස් කණ්ඩායමයි නියෝජනය කිරීමට ගිවිසුම් අත්සන් කර ඇත්තේ.

නවසීලන්ත තරග සංචාරය වෙනුවෙන් වන කොදෙව් සංචිතය පසුගිය ඔක්තෝබර් 17 වනදා නම් කෙරුණු අතර, එහිදී ඇන්ඩ්‍රි රසල් කොදෙව් සංචිතයට ඇතුළත් වූයේ නැහැ.

නවසීලන්ත තරග සංචාරය සදහා ඔහු ඇතුළු තිදෙනෙකු එක් නොවීමට තීරණය කර ඇති බවත්, එම තීරණයට ක්‍රිකට් ආයතනය ගරු කරන බවත් එදින සදහන් කළ කොදෙව් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කර සිටියේ ඉදිරියේ දී සංචිත තේරීමේ දී ඇන්ඩ්‍රි රසල් ගත් මෙම තීරණය ඔහුට කිසිදු බලපෑමක් එල්ල නොකරන බවයි.

කොරෝනා වංසගත තත්ත්වයත් සමග පවතින විවිධ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් සහ ආබාධ තත්ත්වයන් හේතුවෙන් අදාළ ක්‍රීඩකයින් තිදෙනා (ඇන්ඩ්‍රි රසල්, ලෙන්ඩ්ල් සිමන්ස් සහ එවින් ලුවිස්) මෙලෙස නවසීලන්ත තරග සංචාරයෙන් ඉවත් වූ බවටයි වාර්තා පලව තිබුණේ.

කෙසේ වෙතත්, ජාතික කණ්ඩායම නියෝජනය කරමින් නවසීලන්තයට එරෙහි 20යි 20 තරගාවලියට එක් නොවී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ඇන්ඩ්‍රි රසල් එක්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කොදෙව් ප්‍රධාන පුහුණුකරුගෙන් අද(25) ප්‍රශ්න කර සිටියා.

ඊට ප්‍රතිචාර දැක් වූ පුහුණුකරු පිල් සිමන්ස් “එය මට ප්‍රවෘත්තියක්” යනුවෙන් කියා සිටියා.

“නවසීලන්තයට අපි ආවට පස්සේ මම ඔහු සමග තවම කතා කරේ නැහැ. ඔහු අයි.පී.එල් ක්‍රීඩා කළා. මම ඒ දිනවල සිටම ඔහුට තවමත් කතා කරේ නැහැ. මම දැනගෙන හිටියේ නැහැ ඔහු ශ්‍රී ලංකාවේ කියලා. සමස්ත තත්ත්වය කුමක්ද කියලා මම දැනගන්න තුරු මට ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න බැහැ”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...