යාපනයට සහාය දක්වන සංගාට කැන්ඩි ටස්කර්ස් ප්‍රතිචාර දක්වයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තම සහයෝගය ද ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි වන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා.

ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

ඊයේ (24) දිනයේ දී සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබූ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ද සදහන් කළේ මෙවර තරගාවලියේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හොදින් දක්ෂතා දක්වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

සියලු කණ්ඩායම් සහ ක්‍රීඩකයින් සදහා තරගාවලිය වෙනුවෙන් සුබ පැතීමට ද සංගක්කාර අමතක කර තිබුණේ නැහැ.

අනතුරුව අද දිනයේ දී ට්විටර් පණිවිඩයක් තැබූ මහේල ජයවර්ධන ද සංගක්කාරගේ මතය පිළිගනිමින් සදහන් කළේ නව ක්‍රිකට් නගරයට (යාපනයට) තම සහයෝගය ද හිමි වන බවයි.

මේ අතර, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මෙම ට්විටර් පණිවිඩ වෙනුවෙන් සුහද ප්‍රතිචාර දැක්වීමක් සිදු කර තිබෙනවා.

එහිදී ඔවුන් සදහන් කළේ සංගක්කාර සහ මහේල වෙනත් කණ්ඩායමකට සහාය දැක්වීම යම් පීඩාවක් ගෙන දෙන්නක් වුවද එය අභියෝගයක් ලෙස තම කණ්ඩායම භාර ගන්නා බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...