දෙවැනි දිනයේ දී අෆ්රිඩි ගුවන් යානය අල්ලා ගනියි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීම සදහා පාකිස්තානයේ ශහිඩ් අෆ්රිඩි ශ්‍රී ලංකාව බලා එරටින් පිටත්ව ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ දී ඔහු දිවයිනට පැමිණීමට නියමිතව සිටිය ද ඊයේ උදෑසන ඔහුට කොළඹ බලා පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන මග හැරී තිබුණා.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරන ශහිඩ් අෆ්රිඩිට ඒ සම්බන්ධයෙන් සිය සමාජජාලා මාධ්‍ය ගිණුම් වෙත සටහනක් තබමින් තහවුරු කළා.

කෙසේ වෙතත්, අද(24) පස්වරුවේ සිය සමාජජාලා මාධ්‍ය ගිණුම් වෙත සටහනක් එක්කරමින් ඔහු සදහන් කර සිටියේ තමා මේ වන විට කොළඹ බලා ගමන් කරමින් සිටින බවයි.

කොළඹට ළගා වීමෙන් පසුව හම්බන්තොට බලා පිටව යන ඔහු නිරෝධායන කාලසීමාවක් ද ගත කිරීමට නියමිතයි.

ඒ හේතුවෙන් අෆ්රිඩිට ගාලු කණ්ඩායම මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කරන පළමු තරග කිහිපය අහිමි වනු ඇති.

ඒ අනුව උප නායක භානුක රාජපක්ෂ එම තරගවලදී කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...