සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට ඩොලර් 25,000ක දඩ මුදලක්

Date:

සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට ඩොලර් 25,000ක දඩ මුදලක් පනවා තිබෙනවා.

ඉන් ඩොලර් 15,000ක මුදලක් වසරකට අත්හිටුවූ දඩ මුදලක් ලෙසයි පනවා ඇත්තේ.

මෙවර බිග් බෑෂ් ලීග් කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ඔවුන් විසින් සිය මූලික සංචිතයට ඇතුළත් කර නොතිබූ  ක්‍රීඩිකාවක් වන Hayley Silver-Holmes පසුගියදා මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය සදහා ක්‍රීඩා කරවීම සිඩ්නි සික්සර්ක් කණ්ඩායමට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

ඇය ආබාධයකට ලක්වීම හේතුවෙන් මීට පෙර ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට එක්ව සිටියේ නැහැ.

නමුත්, රෙනගේඩ්ස් කණ්ඩායමට එරෙහි තරගයට පෙර ඇය අදාළ තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුණා.

කෙසේ වෙතත්, Hayley Silver-Holmes මූලික සංචිතයට ඇතුළත් කිරීම සදහා කෙරුණු ඉල්ලීමට කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය අදාළ තරගය ආරම්භ වන තුරු නොලැබී තිබූ පසුබිමකයි එම තරගය සදහා ඇයව ක්‍රීඩා කරවීමට සිඩ්නි කණ්ඩායම පියවර ගෙන තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...