උණ රෝගය නිසා ෆකාර් තරග සංචාරයෙන් ඉවතට

Date:

උණ රෝගයෙන් පෙලීම හේතුවෙන් පාකිස්තාන පිතිකරු ෆකාර් සමාන්ට නවසීන්ත තරග සංචාරයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

අද(23) දිනයේ දී ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය නවසීලන්තය බලා පිටත්ව ගිය අතර, එම අවස්ථාව වන විට ෆකාර් සමාන් සුවය ලබා නොතිබීම නිසා ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු මේ වන විටත් හුදෙකලා කිරීමට ලක් කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ඔහුට සිදු කළ කොරෝනා වෛද්‍ය පරීක්ෂණයේ දී අණාවරණය වී ඇත්තේ ෆකාර් සමාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි.

බබාර් අසාම් සියලු තරග රටාවන්හි නායකයා ලෙස පත් වීමෙන් අනතුරුව පාකිස්තානය සහභාගී වන පළමු තරග සංචාරය මෙයයි.

සංචාරය අරඹමින් පාකිස්තාන ක්‍රීඩකයින් දින 14ක නිරෝධායන කාලසීමාවක් ද ගත කළ යුතුයි.

තරග සංචාරයට 20යි 20 තරග 3ක් සහ ටෙස්ට් තරග 2 ක් ඇතුළත් අතර, පළමු 20යි 20 තරගය ලබන 18 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...