LPL තරගාවලියට ක්‍රීඩකයින් අද සිට වැඩ අල්ලයි

Date:

My11Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් සියළුම කණ්ඩායම් අද (23) දිනයේ සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කරනවා.

දකුණු අප්‍රිකා තරග සංචාරය වෙනුවෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැති දින 10ක පුහුණු කදවුරට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් එම පුහුණු කදවුර නිමා කරමින් ඊයේ පස්වරුවේ දී එල්.පී.එල් තරගාවලිය සදහා එක්වීමට හම්බන්තොටට ළගා වුණා.

මෙතෙක් දිනක් ජෛව ආරක්ෂිත බුබුළු 5 කට වෙන්ව සිය කටයුතු සිදු කරගෙන ගිය සියලු කණ්ඩායම් නීරෝධායන කාල සීමාවේ හත්වැනි දිනය ඊයේ දිනෙන් අවසන් වූ බැවින් සුළු කාණ්ඩ වශයෙන් ශාරීරික යෝග්‍යතා ව්‍යායාම්වල සහ ඇඟ උණුසුම් කර ගැනීමේ ව්‍යායාම්වල නියැළෙනු දක්නට ලැබුණා.

ඒ සියල්ල නිමා වීමෙන් පසු කණ්ඩායම් කිහිපයක් තම තමන්ට රිසි ක්‍රීඩාවල නියැළෙනු ද දක්නට ලැබීම විශේෂත්වයක්.

එහිදී ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයකට ද, කැන්ඩි ටස්කර්ස් පිල පාපන්දු තරගවලට සහ පන්දු රැකීමේ පුහුණුවීම් වලටද, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කෙටි දුර දිවීමේ ව්‍යායාම් වලද නියැළුණා

පුහුණුවීම් සිදු කිරීම විශේෂ සැලසුමකට අනුව සිදුකෙරෙන අතර එහිදී එක් කණ්ඩායමකට තවත් කණ්ඩායමක් මුණ නොගැසෙන අන්දමින් එය ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව ක්‍රීඩාංගණයේ දී එක් වරකදීවත් එක් කණ්ඩායමක් තවත් කණ්ඩායමක් මුණ ගැසෙන්නේ නැහැ.

මේ අතර, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නිල ඇදුම අද (23) දිනයේ දී එළි දැක්වීමට නියමිතව තිබෙනවා.

එය ස්ටැලියන්ස් කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය විසින් අමෙරිකාවේ දී නිර්මාණය කර ඇති අතර, එහි නිෂ්පාදන කටයුතු මෙරට දී සිදු කර ඇති බව සදහන්.

මේ අතර, දඹුල්ල වයිකින්ග් සංචිතය අද රාත්‍රී කාලයේ දී හෝ හෙට දිනයේ දී නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇති බවයි කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...