කණ්ඩායම් 5 න් 4 ක නිල තේමා පාඨ එළි දකියි

Date:

අභියෝග රැසක් මධ්‍යයේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තව දින හතරකින් හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ කිරීමට සියලුම කටයුතු මේ වනවිට සුදානම් වෙමින් පවතිනවා.

වසර අටකට පසුව විදෙස් ක්‍රීඩකයන් සහාභාගී කරගනිමින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පවත්වන මෙම ලීග් තරගාවලියට  සමාජජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාමත් සුබාවාදී ප්‍රතිචාරයක් දැකගන්නට පුලුවන්.

තරග වදින කණ්ඩායම්වල  නිල සමාජජාලා පිටු / ගිණුම් ද මේ වනවිට එළිදක්වා ඇති බවක් දක්නට ලැබෙනවා.

තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් රැසක නිල තේමා පාඨයන් ද මේ වන විට එළිදක්වා ඇති අතර, ඒ සම්බන්ධයෙන්  සොයා බැලීමට අප තීරණය කළා.

  • Jafna Stallions – Jaffna Stallions හෙවත් යාපනය නගරය කේන්ද්‍ර කරගත් කණ්ඩායම #vaadaamachan (#varengmachan / #වරෙන්මචං) යනුවෙන් ඔවුන්ට ආවේනික තේමා පාඨයක් යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා.
  • Colombo Kings – Colombo Kings හෙවත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කොළඹ නගරය කේන්ද්‍ර කරගත් කණ්ඩායම සිය තේමා පාඨය ලෙස යොදා ඇත්තේ #letsrule යනුවෙනුයි.
  • Dambulla Viiking – Dambulla Viiking හෙවත් ශ්‍රී ලංකාවේ ඉතාමත් ඓතිහාසික පසුබිමක් සහිත නගරයක් වන දඹුලු නගරය කේන්ද්‍ර කරගත් කණ්ඩායම #SonsOfThor යන තේමා පාඨය යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා.
  • Galle Gladiators – ගාලු දිස්ත්‍රික්කයේ හදවත බඳු ගාලු කොටුව පදනම් කර ගනිමින් ජනප්‍රියත්වයට පත් ගාල්ල නගරය නියෝජනය කරන  Galle Gladiators කණ්ඩායම #HoldingTheFort යනුවෙන් ඔවුන්ට ආවේනික තේමා පාඨයක් යොදා ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...