ක්‍රිකට් ක්‍රීඩකයින්ට අයි.සී.සීය වයස් සීමාවක් පනවයි

Date:

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා ක්‍රීඩා කිරීමට අවම වයස් සීමාවක් හදුන්වා දීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 15 ඉක්මවන තුරු කිසිදු ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කළ නොහැකි බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කර සිටියේ.

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගෙන ඇති බව සදහන්.

ඒ අනුව කාන්තා හෝ පිරිමි ඕනෑම ජාත්‍යන්තර තරග රටාවක අයි.සී.සී තරගාවලි, ද්විපාර්ශ්වික තරගාවලි හෝ වයස අවුරුදු 19න් පහළ තරගාවලි ඉදිරියේ දී නියෝජනය කළ හැකි වන්නේ වයස අවුරුදු 15ට වැඩි ක්‍රීඩකයින්ට පමණයි.

විශේෂ අවස්ථාවන්වලදී පමණක් යම් ක්‍රීඩකයෙකුට එම වයස සම්පූර්ණ නොවී ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමටනම් අදාළ ක්‍රිකට් ආයතනය විසින් ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් ඒ සදහා අවසර ඉල්ලීමක් සිදු කළ යුතුයි.

ජාත්‍යන්තර තරග වරම් දිනා ගත් ලාබාලතම ක්‍රීඩකයා ලෙස මේ වන විට වාර්තා අතරට එක්ව ඇත්තේ පාකිස්තානයේ හසාන් රාසා. (1996-2005)

ඔහු වයස අවුරුදු 14යි දින 227කින් සිය මංගල ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කර තිබුණා.

සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ද වයස අවුරුදු 16න් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ අතර, ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කර ගත් ලාබාලතම ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...