“සති තුනකවත් පුහුණුවක් දෙයි කියලයි මම හිතුවෙ” : මාලිංග ඉවත් වීම තහවුරු කරයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් නොවීමට තමා තීරණය කළ බව ශ්‍රී ලංකා 20යි 20 නායක සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කර ඇත්තේ තරගාවලියට සූදානම් වීම සදහා සුදුසු කාලයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.

“මේ වසර මුල පැවැති කොදෙව් තරගාවලියෙන් පසුව මට ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. මට කිසිම පුහුණුවක් ලබන්න අවස්ථාවක් ලැබිලා නැහැ.” යනුවෙන් මාලිංග කියා සිටියා. “පසුගිය මාසයේ දී ක්‍රීඩක කෙටුම්පත් කිරීම සිදු කළ අවස්ථාවේ දී මම හිතුවෙ තරගාවලියට පෙර අපිට සති තුනකවත් පුහුණු කාලයක් ලැබෙවි කියලා. නමුත් කිසිවක් නැහැ. අපි මේ සතියෙ හම්බන්තොටට ගිහිං එහෙදිත් දින 3ක් නිරෝධායනයට ලක් වෙන්න ඕනෙ”

“පුහුණුවක් නැතිව ඉහළම මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කරන එක පන්දු යවන්නෙකුට පහසු දෙයක් නෙවෙයි. එල්.පී.එල් තරගාවලියේ දී දින දෙකක් තුළ එක දිගට තරග ක්‍රීඩා කරන්නත් තියෙනවා. ඉතිං මම තීරණය කළා තරගාවලිය ක්‍රීඩා නොකර සිටින්න.”

37 හැවිරිදි ලසිත් මාලිංග මේ වන විට මාස 8ක පමණ කාලයකින් පුහුණුවීම් සිදු කර නැහැ.

සිය පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද ඔහු එක්වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...