LPL තරගාවලියට ආ විදෙස් ක්‍රීඩකයෙකුට කොරෝනා

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම වෙනුවෙන් පැමිණි Colombo Kings කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයෙකු වන කැනඩාවේ රවීන්දර්පාල් සිංට ( Ravinderpal Singh) නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා පල වෙනවා.

ඒ, සෙසු ක්‍රීඩකයින් මෙන්ම ඔහු ද ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී මුහුණ දුන් PCR පරීක්ෂණයෙන් අනතුරුවයි.

මේ වන විට ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇති අතර, ඔහු සමඟ එකම ගුවන් යානයේ පැමිණි කිහිප දෙනෙකු ද නිරෝධායනයට ලක් කර ඇති බව ද සදහන්.

ඔවුන් අතර Colombo Kings කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල් ද සිටින බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායකයින් මෙය නිල වශයෙන් මෙතෙක් තහවුරු කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...