“හේල්ස් දෙවන අවස්ථාවක් ලබන්න සුදුසුයි” – ක්‍රිස් වෝක්ස්

Date:

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇලෙක්ස් හේල්ස් යළි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනු දැකීමට තමා කැමැත්තෙන් පසු වන බව වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් පවසනවා.

ඇලෙක්ස් හේල්ස් 2019 වසරේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයෙන් ඉවත් කිරීමෙන් පසුව මෙතෙක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට හිමිව නැහැ.

අන්තරායකර ඖෂධ භාවිතා කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණවලින් ඇලෙක්ස් හේල්ස් අසමත් වීම හේතුවෙනුයි ඔහුව එලෙස ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කෙරුණේ.

“එංගලන්ත කණ්ඩායමේ සංස්කෘතියක් සහ පරිසරයක් තියෙනවා. අපි හැමෝම උත්සාහ කරනවා හරි දිශාවට යන්න. ඇලෙක්ස් එය කිරීමට කැමතිනම් මම හිතන්නේ හැමෝම කැමති වේවි ඔහු එංගලන්තය වෙනුවෙන් යළි ක්‍රීඩා කරනවා බලන්න.”

යනුවෙන් ක්‍රිස් වෝක්ස් කියා සිටියා.

ඔහුගේ අදහස වන්නේ ඇලේක්ස් හේල්ස් දෙවැනි අවස්ථාවක් ලබා ගැනීම සදහා සුදුසු ක්‍රීඩකයෙකු බවයි.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු මුල්පෙල පිතිකරු අලෙක්ස් හේල්ස්ට යළි ජාත්‍යන්තර තරග පිටියට පිවිසීමේ හැකියාව පවතින බව පසුගිය දිනක එංගලන්ත නායක ඉයන් මෝර්ගන් ද සදහන් කර සිටියා.

ඒ සදහා ඔහු කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සහ කළමණාකාරීත්වයේ විශ්වාසය නැවත ලබා ගත යුතු බවයි මෝර්ගන් කියා සිටියේ.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...