සුදීප් ත්‍යාගි ක්‍රිකට් පිටියට සමු දෙයි – LPL තරගාවලියටත් එක්වන ලකුණු

Date:

ඉන්දීය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සුදීප් ත්‍යාගි සියලු තරග රටාවන්ගෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

33 හැවිරිදි ඔහු ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 4කට සහ 20යි 20 තරග එකකට ක්‍රීඩා කර තිබූ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග 14 කදී චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම් නියෝජනය කර තිබුණා.

පළමු පෙල තරග 41කදී ඔහු බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 109ක්.

2009 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත් සුදීප් ත්‍යාගි සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කර ඇත්තේ 2010 වසරේ දී යි.

ඔහු එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව සදහන්.

ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට සුදීප් ත්‍යාගි තීරණය කර ඇත්තේ ද ඒ හේතුවෙන් නිසා බවට ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කර තිබෙනවා.

ඒ, ක්‍රිකට් පිටියෙන් සමු නොගත් ඉන්දීය ක්‍රීඩකයින්ට වෙනත් රටක පැවැත්වෙන ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට අවසර හිමි නොවීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...