ලාහෝර් කලැන්ඩර්ස් අවසන් තරගයට – අෆ්රිඩිට හැරිස් දාපු සුපිරි යෝකර් පන්දුව මෙන්න

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට පළමුවරට සුදුසුකම් ලබා ගැනීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයෙන් (Eliminator 2) මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම ලකුණු 25කින් පරාජයට පත් කරමින්.

කරච්චිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලාහෝර් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තා.

ෆකාර් සමාන් ලකුණු 46ක්, ටමිම් ඉක්බාල් ලකුණු 30ක් සහ ඩේවිඩ් විසා පන්දු 21කින් නොදැවී ලකුණු 48ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ශහීඩ් අෆ්රිඩි ලකුණු 18කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුල්ටාන් කණ්ඩායමට පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

ඇඩම් ලයිත් පන්දු 29කින් ලකුණු 50ක් ලබා ගනිමින් ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නා.

කෙසේ වෙතත්, මැදපෙල පිතිකරුවන් අසාර්ථක වීමත් සමග තරගයේ ජය ලාහෝර් කණ්ඩායම දෙසට දෝලනය වුණා.

ශහීඩ් අෆ්රිඩි පළමු පන්දුවෙන්ම දැවී ගියේ හැරිස් රවුෆ් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

එම අවස්ථාවේ දී හැරිස් රවුෆ් විසින් ශහිඩ් අෆ්රිඩිගෙන් සමාව ඉල්ලා සිටීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

කුෂ්දිල් ෂාහ් විසින් මුල්ටාන් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුවත් ඔහු ලකුණු 30කට දැවී යාම හේතුවෙන් එය සාර්ථක වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ඩේවිඩ් වීසා සහ හැරිස් රවුෆ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව හෙට(17) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම තරග වදින්නේ කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...