සුපිරි පන්දුවාරයෙන් ජය ගත් කරච්චි කිංග්ස් PSL අවසන් තරගයට

Date:

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කරච්චි කිංග්ස් කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, අවසන් වටයේ පළමු තරගයෙන් මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායමට එරෙහිව සුපිරි පන්දුවාරයේ ජයක් වාර්තා කරමින්.

කරච්චි නුවර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 141ක් ලබා ගත්තා.

රවී බොපාරා ලකුණු 40ක් සහ සොහයිල් තන්වීර් නොදැවී වේගවත් ලකුණු 25ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී වකාස් මක්සූඩ් සහ අර්ෂඩ් ඉක්බාල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කරච්චි කණ්ඩායමට ද කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි.

සුපුරුදු පිතිප්‍රහාරය යළි ක්‍රියාත්මක කළ බබාර් අසාම් ලකුණු 65ක් රැස් කළ අතර, ඉමාඩ් වසීම් නොදැවී ලකුණු 27ක් රැස් කළා.

කරච්චි ඉනිම ලකුණු 117ක්ව තිබියදී ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස බබාර් අසාම් දැවී යන විට ඔවුන්ට පන්දු 21කදී රැස් කර ගත යුතුව තිබුණේ ලකුණු 25ක් පමණයි.

කෙසේ වෙතත්, අනතුරුව මුල්ටාන් කණ්ඩායම හොදින් තරගයට අවතීර්ණ වීම හේතුවෙන් තරගයේ ලකුණු සම වුණා.

පන්දු යැවීමේ දී සොහයිල් තන්වීර් කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 25ක් ලබා දෙමින්.

අනතුරුව ලබා දුන් සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කරච්චි කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 13ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුල්ටාන් කණ්ඩායමට කිසිදු කඩුල්ලක් නොදැවී ලබා ගත හැකි වූයේ ලකුණු 9ක් පමණයි.

මෙම තරගයෙන් පරාජයට පත් වුවද මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම තවදුරටත් තරගාවලියේ රැදී සිටින අතර, ඔවුන් හෙට දිනයේ දී අවසන් වටයේ තෙවැනි තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...