20යි 20 ලෝක කුසලානය එළි දකියි

Date:

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට තවත් ඇත්තේ මාස 12කට අඩු කාලයක්.

ඒ අනුව තරගාවලිය සදහා දින ගණනය කිරීම ආරම්භ කිරීම සහ කුසලානය එළිදැක්වීම පසුගිය දා ඩුබායි නුවර දී සිදු කෙරුණා.

ඒ, අයි.සී.සී ප්‍රධාන විධායක නිළධාරී Manu Sawhney, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි සහ ලේකම් Jay Shah යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්.

කණ්ඩායම් 16ක් එක්වන තරගාවලිය ලබන වසරේ ඔක්තෝම්බර් – නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතයි.

මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ 2022 වසර දක්වා කල් දැමීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගත්තේ.

2021 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී ම පැවැත්වීමට ද තීරණය කෙරුණා.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවට ද බලපෑම් එල්ල වී ඇති බැවින් අවශ්‍ය වුවහොත් යොදා ගැනීම සදහා අමතර සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ද නම් කර තිබූ බවයි වාර්තා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...