ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට දකුණු අප්‍රිකානු සහ එංගලන්ත ක්‍රීඩකයින් 4ක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට නව විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඩුවාන් ඔලිවියර් සහ කේල් ඇබොට් යන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනා Brindon Bagirathan හිමිකාරීත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට තෝරා ගෙන ඇති බව සදහන්.

ඊට අමතරව එංගලන්තයේ රවී බොපාරා සහ ටොම් මුවර්ස් ද එම සංචිතයට තෝරා ගෙන තිබෙනවා.

මීට පෙර එංගලන්තයේ ඩේවිඩ් මලාන් ද ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට තෝරා ගෙන තිබුණ ද, එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය හේතුවෙන් ඔහු එල්.පී.එල් තරගාවලියෙන් ඉවත් වුණා.

වාර්තා වන ආකාරයට පාකිස්තානයේ අසිෆ් අලී ද තරගාවලියට එක් නොවනු ඇති.

ජැෆ්නා ස්ටැලියන්ස් සංචිතයට ඇතුළත්ව සිටින විදෙස් ක්‍රීඩකයින් –

ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරි, රවී බොපාරා, ටොම් මුවර්ස්, ඩුවාන් ඔලිවියර් සහ කේල් ඇබොට්

ජැෆ්නා ස්ටැලියන්ස් සංචිතයට ඇතුළත් දේශීය ක්‍රීඩකයින් –

තිසර පෙරේරා(නායක), වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු, මිනෝද් භානුක, චතුරංග ද සිල්වා, මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, නුවනිදු ප්‍රනාන්දු, කනගරත්නම් කපිල්රාජ්, තිවේන්ද්‍රියන් දිනෝෂන්, යියාකාන්ත් යියස්කාන්ත්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...