පාකිස්තාන ප්‍රබලයින් තිදෙනෙකුටත් LPL තරගාවලිය අහිමි වෙයි

Date:

එළඹෙන නවසීලන්ත තරග සංචාරය හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ද ලබන 26 වනදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අහිමි වනු ඇති බව වාර්තා වනවා.

අදාළ සංචාරය සදහා වන ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් යුත් සංචිතයක් අද (11) එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

මොහොමඩ් හෆීස්, වහබ් රියාස් සහ සර්ෆ්‍රාස් අහ්මඩ් යන ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත්ව ඇති අතර, සංචිතයට නම් කර ඇති පාකිස්තාන ක්‍රීඩකයින් සියලු දෙනා ලබන 23 වනදා නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

සර්ෆ්‍රාස් අහ්මඩ් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සදහා ද වහබ් රියාස් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සදහා ද තෝරා ගෙන තිබූ අතර, මොහොමඩ් හෆීස් කලම්බු කිංග්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටි බවටයි වාර්තා වුණේ.

එල්.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින තවත් පාකිස්තාන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වන මොහොමඩ් අමීර්, ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරි සහ අසීෆ් අලී මෙම පාකිස්තාන සංචිතයට නම් කර නැහැ.

ඒ අනුව ඔවුන්ට ගැටලුවකින් තොරව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වනු ඇති.

මීට පෙර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන ෆෆ් ඩු ප්ලෙසිස් සහ ඩේවිඩ් මිලර් ද ලොව අංක එකේ 20යි 20 පිතිකරු වන එංගලන්තයේ ඩේවිඩ් මලාන් ද එල්.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළේ එංගලන්ත කණ්ඩායමේ එළඹෙන  දකුණු අප්‍රිකා තරග සංචාරය හේතුවෙන්.

ALSO READ : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...