නායකත්වයේ ඉනිමක් සමගින් කෝලි අභිබවා ගිය බබාර් ලොව අංක එක වෙයි

Date:

බබාර් අසාම් යනු මේ වන විට 20යි 20 ජාත්‍යන්තර තරග පිටියේ සිටින ලොව පුමුඛ පෙළේ පිතිකරුවෙකු බව නොරහසයක්.

සීමිත පන්දුවාර තරගවලදී ඔහුගේ දක්ෂතා තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන බව බබාර් අසාම් මේ දිනවල සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගවලදීද සනාථ කර තිබෙනවා.

තම පිතිකරණ දක්ෂතාවය කොතරම්දැයි ඔහු ඊයේ (7) පැවැති 20යි 20 තරගයේ දී ලොවට පෙන්නුම් කළේ නව ලෝක වාර්තාවක් ද තම නම ඉදිරියේ සටහන් කරමින්.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා පාකිස්තාන  කණ්ඩායම අතර ඊයේ (8) පැවැති පළමු 20යි 20 තරගයෙන් කඩුලු හයක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී කාසියේ වාසිය දිනාගනිමින් සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා.

පන්දු 48 කදි ලකුණු 70 ක් වාර්තා කළ 20 හැවිරිදි Wesley Madhevere සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු අතර. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ අර්ධ ශතකයක් රැස්කළ ලාබාලතම පිතිකරුවා ලෙසයි ඔහු වාර්තා පොත් අලුත් කළේ.

ශෝන් විලියම්ස් ලකුණු 25 ක්, එල්ටන් චිගුම්බුරා පන්දු 13 කදී ලකුණු 21 ක් රැස්කිරීමට සමත් වුණා.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් හැරිස් රාවුෆ් හා වහබ් රියාස් කඩුලු 2 බැගින් බිඳ හෙලූ අතර, මොහොමඩ් හස්නයින් හා මංගල ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ උස්මාන් කදීර් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ලකුණු 157 ක ජයග්‍රාහී ඉලක්කය කඩුලු 4 ක් පමණක් බිඳ වැටී පන්දුවාර 18.5 ක් තුළ සපුරා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

එහිදී අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් පන්දු 55 කදී ලකුණු 82 ක් වාර්තා කිරිමට සමත්වුණා.

එම ඉනිමත් සමග බබාර් අසාම්ගේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල පිතිකරණ සාමාන්‍ය 50.93 ක් ලෙස සටහන් වු අතර එය වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ ජාත්‍යන්තර විස්ස විස්ස ලකුණු දහසක් රැස්කර ඇති පිතිකරුවන් අතරින් වැඩිම පිතිකරණ සාමාන්‍යක් රඳවාගැනීමට සමත් වු පිතිකරුවා බවට ඔහු පත්කරමින්.

බබාර් අසාම් ඉනිම් 41 ක් තුළ රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 1,630 ක්.

මෙම වාර්තාවට මෙතෙක් හිමිකම් කීවේ ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලී විසින් වන අතර ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම් 76 කට ක්‍රීඩා කර ඇති ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2,794 ක්.

විරාට් කෝලිගේ පිතිකරණ සාමාන්‍ය 50.8 ක් ලෙස දැක්වෙනවා.

ඔවුන්ට අමතරව ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 1,000 ක් රැස්කර ඇති පිතිකරුවන් අතුරින් වැඩිම පිතිකරණ සාමාන්‍යක් රඳවා ගැනීමට සමත්වූ පිතිකරුවන් තිදෙනා වන්නේ, ඉන්දියාවේ ලෝකේශ් රාහුල් (45.65), දකුණු අප්‍රිකාවේ ජේ.පී. ඩුමිනි (38.68) සහ ඔස්ට්‍රේලියාවේ ආරොන් ෆින්ච් (38.43) යන අයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...