බැංගලෝරය ඉවතට – හයිදරාබාද් කණ්ඩායම තෙවැනි අවසන් තරගයට – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (playoffs) තෙවැනි තරගයට (Qualifier 2) සුදුසුකම් ලබා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.

ඒ, අද(6) පැවැති මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගයෙන් (Eliminator) ඔවුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව හයිරාබාද් කණ්ඩායම අනිද්දා (8) දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව අබුඩාබි ක්‍රීඩාංගනයේ දී අවසන් වටයේ තෙවැනි තරගය සදහා ක්‍රීඩා කරනු ඇති.

ඉන් ජය ගන්නා කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලබන 10 වැනිදා පැවැත්වෙන තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබනවා.

අද අබුඩාබි ක්‍රීඩාංගනයේ පැවැති අවසන් වටයේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ හයිදරාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලෝර් පිලට ලබා දුන්නා.

ඒ අනුව බැංගලෝර් පිල නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින්.

ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි නායක විරාට් කෝලි ලකුණු 6කට දැවී ගිය අතර, ඒබී ඩි විලියස් ලකුණු 56ක් සහ ආරෝන් ෆින්ච් ලකුණු 32ක් රැස් කරමින් බැංගලෝර් කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් කඩුලු 3ක් සහ ටී.නටරාජන් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කේන් විලියම්සන් නොදැවී ලකුණු 50ක්, ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 24 ක් සහ මනීෂ් පාන්ඩේ ලකුණු 24ක් ලබා ගනිමින් හයිදරාබාද් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.

මෙම තරගය සදහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදාන ක්‍රීඩා කළේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...