LPL නිල රූපවාහිනී විකාශන සමාගමෙන් ට්විටර් සටහනක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය විකාශය කිරීමේ අයිතිය සෝනි රූපවාහිනී නාලිකා (Sony Sports India) ( Sony Pictures Networks) වෙත හිමිව තිබෙනවා.

තම රූපවාහිනී නාලිකා ඔස්සේ තරගාවලිය විකාශය කරන බවයි ඔවුන් ට්විටර් සටහනක් තබමින් තහවුරු කර සිටියේ.

ලබන 21 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 27 වනදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය දෙසැම්බර් 17 වනදා දක්වා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී පමණක් ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට එක් වන විදෙස් ක්‍රීඩකයින් දින 14ක නිරෝධායන කාලයක් වෙනුවට දින 7ක නිරෝධායන කාලයකට පමණක් යටත් කිරීමට ද සෞඛ්‍ය බළධාරීන්ගේ අනුමැතිය මේ වන විට හිමිව තිබෙනවා.

ඒ අනුව සියලු විදෙස් ක්‍රීඩකයින්ට දින 7කින් පසුව පුහුණුවීම් සදහා සම්බන්ධ විය හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...