මෝර්නි මෝර්කල් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වෙයි

Date:

දකුණු අප්‍රිකානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන මෝර්නි මෝර්කල් දේශීය ක්‍රීඩකයෙකු ලෙස මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලිය සදහා එක්වීමට තම කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කළ බව බ්‍රිස්බේන් හීට් කණ්ඩායම පවසනවා.

ඒ, ඔහු මේ වන විට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගෙන තිබීම හේතුවෙන්.

36 හැවිරිදි මෝර්කල් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 86කට, එක්දින තරග 117කට සහ 20යි 20 තරග 44කට ක්‍රීඩා කර තිබුණා.

පසුගිය තරග වාරයේ දී ඔහු පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සදහා එක් තරගයකට පමණක් ක්‍රීඩා කළා.

තරගාවලිය අතරතුර දී ක්‍රිස් ජෝර්ඩන් වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර තිබුණේ.

කෙසේ වෙතත්, මෙවර සමස්ත තරග වාරය සදහාම මෝර්නි මෝර්කල් බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔහු 2018 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ අතර, ඉන් අනතුරුව පදිංචිය සදහා පවුලේ සාමාජිකයින් සමග ඔස්ට්‍රේලියාවට පැමිණියා.

මෙවර බිග් බෑෂ් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන 3 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, එය මේ වන විට දෙසැම්බර් 10 වනදා දක්වා සතියකින් කල් දමා තිබෙනවා.

අවසන් මහා තරගය ලබන වසරේ පෙබරවාරි 6 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...