සනත් තාම තීරණයක් අරගෙන නෑලු

Date:

සනත් ජයසූරිය යනු කවුරුන්දැයි කෙනෙකුට අමුතුවෙන් සිහිපත් කර දිය යුතු නැහැ.

මෙරට පමණක් නොව ලොව සියලු ක්‍රීඩාලෝලීන්ග‍ේ මතකයෙන් කිසි දිනක මකා දැමිය නොහැකි පුරාවෘත්තයක් තමයි සනත් ජයසූරිය කියන්නේ.

1996 ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා ඔහුයි.

සනත්ගේ වාර්තා ගැන ලිවීමට ගතහොත් මෙම ලිපිය දින ගණනක් ලිවීමට සිදු වේවි.

එතරම් ඔහු රටට වටිනා සම්පතක් වූ බව නොරහසක්.

හිටපු නායකයෙකු, දක්ෂ පිතිකරුවෙකු, පන්දු යවන්නෙකු වූ ඔහු ක්‍රිකට් පිටියට සමු දීමෙන් පසුව වුවද ක්‍රිකට් ක්‍රීඩාව අතහැර යෑමට කැමැත්තක් දැක් වූයේ නැහැ.

ඒ අනුව තමා ආදරය කළ ක්‍රීඩාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් යළිත් සේවය කිරීමේ අරමුණින් සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ද පසුව පත්වීම් ලැබුවා.

එහි ප්‍රතිපලයක් ලෙස සනත් ජයසූරියගේ තේරීම් හමුවේ 2014 වසරේ දී 20යි 20 ක්‍රිකට් ලෝකය ද ශ්‍රී ලංකාව හමුවේ දණ ගැසීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, රටක් ලෝකයක් ආදරය කළ මේ විරුවාට පසුගිය වසර දෙකක කාලයනම් එතරම් සුබදායක වූයේ නැහැ.

ඒ, පරීක්ෂණයක් සදහා පෞද්ගලික ජංගම දුරකතනය අයි.සී.සී බළධාරීන්ට භාර නොදීම නිසා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීම හේතුවෙන්.

නමුත්, මේ වන විට අදාළ ක්‍රිකට් තහනම අවසන් බව ඔහු විසින්ම පසුගියදා ප්‍රකාශයට පත් කළා.

එය ඔහුට පමණක් නොව ඔහුට සහ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ද සැනසුම් සුසුමක් හෙලීමට හැකි පුවතක්.

ඒ අනුව මේ වන විට ඔහුට යළිත් ක්‍රිකට් ක්‍රීඩාව හා එක්වී කටයුතු කළ හැකියි.

ඒ අනුව මෙරට ක්‍රිකට් ගොඩගන්න යළිත් මොනයම් හෝ ආකාරයකින් සනත් ජයසූරිය ඉදිරියට ඒවිද?

යළිත් තේරීම් කමිටු සභාපතිධූරයක් ඔහුට ලැබේවිද? එවැන්නක් භාර ගැනීමට ඔහු යළි සූදානම් ද?

සියලු ප්‍රේක්ෂකයින් තුළ මේ වන විට දෝංකාර දෙන මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සනත් ජයසූරිය සදහන් කළේ තමා ඒ පිළිබද මෙතෙක් කිසිවක් තීරණය කර නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙරට සියලු ප්‍රේක්ෂකයින් ඔහු යළි ක්‍රිකට් ක්‍රීඩාවට මොනයම් හෝ අයුරකින් දායක වනු දැකීමට ආසාවෙන් සිටින බවනම් නොරහසක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...