ලංකා ප්‍රිමියර් ලීගයට රජයේ අනුමැතිය – නව දින අද තහවුරු වන ලකුණු

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දී පැවැත්විම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොරෝනා මර්දන කාර්යය සාධක බලකාය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවසර ලබා දී තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව තහවුරු කළා.

ඒ සදහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ද ස්තූතිය පල කරන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට යටත්ව රට යථාතත්ත්වයට පත් කිරීම සදහා රජය දක්වන කැපවීම මෙමගින් පෙන්නුම් කරන බව ද හෙතෙම සදහන් කළා.

මීට පෙර තරගාවලියේ සියලු තරග හම්බන්තොට දී සහ මහනුවර දී පැවැත්විමට සැලසුම් කර තිබුණ ද, මෙවර තරගාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ජෛව ආරක්ෂිත බුබුලක් තුළ පමණක් පැවැත්වීමට මේ වන විට ක්‍රිකට් බළධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, එල්.පී.එල් තරගාවලිය ලබන 21 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද, එහි යම් සංශෝදනයක් ද යළි සිදු වීමට නියමිත බව සදහන්.

ඒ අනුව තරග පැවැත්වෙන දින සම්බන්ධයෙන් අද දිනයේ දී නිල ප්‍රකාශයක් බළධාරීන් විසින් සිදු කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...