පතිරණ ගැන අසුබ ආරංචියක්, ආදේශක ක්‍රීඩකයින් 4ක් ගැනත් අවධානය

Date:

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා  තරගය අතරතුර පන්දු යවමින් සිටියදී පාදයක ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලානයේ ඉතිරි තරග සියල්ල අහිමි වී යාමේ දැඩි අවධානමක් පවතින බවට වාර්තා පළවනවා.

මතීෂ පතිරණ ඊයේ දිනයේදී වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර, එම වෛද්‍ය වාර්තා තවමත් ලැබී නොමැති බව සදහන්.

කෙසේ වෙතත්, ඔහුට සති තුනක් පමණ විවේක ගැනීමට සිදු වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එසේ වුවහොත් ඔහු වෙනුවට ලෝක කුසලාන සංචිතය සඳහා අද දිනයේදී ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කිරීමට කටයුතු කරනු ඇති.

බිනුර ප්‍රනාන්දු හෝ ඩිල්ෂාන් මදුෂංක බොහෝ දුරට සංචිතයට ආදේශ කිරිමට ඉඩ ඇති බව සදහන්.

නුවන් තුෂාර සහ මිලාන් රත්නායක ද ඒ සඳහා සලකා බලනු ඇති.

මීට පෙර ඒෂාන් මාලිංග සහ වනිදු හසරංග ද ආබාධ හේතුවෙන් මෙවර ලෝක කුසලානයෙන් ඉවත් කෙරුණා.

ඔවුන් වෙනුවට ආදේශ කෙරුණේ ප්‍රමෝද් මදුෂාන් හා දුෂාන් හේමන්තයි.

ක්‍රීඩක ආදේශ කිරීමක් සිදුකිරීම සඳහා ICC තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...