Watch : ඔස්ට්‍රේලියාවෙයි, විනිසුරුවන්ගෙයි ඇස් වහලා පාකිස්තාන කඩුලු රකින්නා කරපු වංචාව හෙළි වෙයි

Date:

පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේදී Cooper Connolly දවා ගැනීම සදහා පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක Khawaja Nafay සිදු කළ වංචා සහගත ක්‍රියාවක් වෙත මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ලාහෝර්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 207 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 16.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 96 ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් පාකිස්තානය ලකුණු 111 ක ජයක් ලබා තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගත්තා.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසයි Cooper Connolly ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේ.

එම අවස්ථාවේදී කඩුලු රකින ක්‍රීඩකයා විසින් සිය වම් අතින් කඩුල්ල බිද දමනු ලැබුව ද, අදාළ අවස්ථාවේදී පන්දුව තිබී ඇත්තේ ඔහුගේ දකුණු අතේ බව මේ වන විට පුනරූපනවලින් අනාවරණය වී තිබෙනවා.

නමුත්, එම අවස්ථාවේදී එය අනාවරණය නොවුණු බැවින් Cooper Connolly දැවී ගිය පිතිකරුවෙකු ලෙසයි පිටියේ විනිසුරු නම් කළේ.

අයි.සී.සී නීති ප්‍රකාරව කඩුල්ලක් බිද දමන අවස්ථාවේදී පන්දුව, පන්දු රකින්නා විසින් කඩුල්ල බිද දමන අතේ රදවා තබා ගැනීම අනිවාර්යය වනවා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...