ප්‍රබලයින් ඉවතට විසි වෙයි – ශ්‍රී ලංකාවටත් එරෙහිව සටනට එන ඔස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය මෙන්න

Date:

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතය නිවේදනය කර තිබෙනවා.

මිචෙල් මාෂ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

පිට කොන්දේ ආබාධය හේතුවෙන් පැට් කමින්ස්ට මෙම ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ අනුව Ben Dwarshuis සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මැට් ශෝර්ට් සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර, බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී සුපිරි දක්ෂතා දැක් වූ ස්ටීවන් ස්මිත්ට ද සංචිතයේ ඉඩක් වෙන්ව නැහැ.

ශෝර්ට් මීට පෙර නම් කෙරුණු මූලික සංචිතයට ඇතුළත්ව සිටි නමුත්, මැද පෙල ශක්තිමත් කිරීමේ අරමුණින් ඔහු වෙනුවට මැතිව් රේන්ෂෝ ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි 7 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ දිනවල පාකිස්තාන සංචාරයක නිරතව සිටින අතර, ඔවුන් ලෝක කුසලාන තරගාවලිය යටතේ ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාව ද රැදී සිටින ‘බී’ කාණ්ඩයෙන්.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය පෙබරවාරි 16 වැනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Australia squad for T20 World Cup 2026

Mitchell Marsh (c), Xavier Bartlett, Cooper Connolly, Tim David, Ben Dwarshuis, Cameron Green, Nathan Ellis, Josh Hazlewood, Travis Head, Josh Inglis, Matt Kuhnemann, Glenn Maxwell, Matt Renshaw, Marcus Stoinis, Adam Zampa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...