T20 WC : ප්‍රබලයෙක් ලෝක කුසලාන සංචිතයෙන් දොට්ට දායි – අන්තිම දවසේ නොසිතූ තීරණයක්

Date:

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඔහු වෙනුවට කමිදු මෙන්ඩිස් යළි විස්සයි 20 සංචිතයට කැදවීමටයි අවධානය යොමු කර ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලිය සදහා සියලු රටවල් විසින් සංචිත ප්‍රකාශයට පත් කළ යුතු අවසන් දිනය වන්නේ අද දිනයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් සිය සංචිතය නිල වශයෙන් නිවේදනය කර නැහැ.

මෑතකදී ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමට යළි කැදවූ නමුත්, ඔහු පිතිකරණයෙන් සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට සමත් වූයේ නැහැ.

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඔහුගේ පන්දු යැවීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වන නමුත්, පිතිකරුවෙකු ලෙස ඔහුගේ අසාර්ථකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල බලපෑමක් එල්ල කර තිබෙනවා.

ඊයේ එංගලන්තය සමග පැවැති පළමු විස්සයි 20 තරගයේදී ද ඔහු පන්දු 12 කින් රැස් කළේ ලකුණු 11 ක් පමණයි.

ඔහු වෙනුවට සංචිතයට කැදවීමට නියමිත බවට වාර්තා වන කමිදු මෙන්ඩිස් මේ දිනවල එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සදහා ද නම් කෙරුණේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...