T20 ලෝක කුසලානයට පාකිස්තානයේ සහභාගීත්වයත් අවිනිශ්චිත අතට

Date:

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පාකිස්තානයේ සහභාගීත්වය ද මේ වන විට අවිනිශ්චිත මට්ටමක පත්ව තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi සදහන් කළේ ඒ සම්බන්ධයෙන් පාකිස්තාන රජය සමග සාකච්ඡා කර අවසන් තීරණය ගන්නා බවයි.

ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට අකමැති වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර ඒ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිල වශයෙන් නිවේදනය කිරීමෙන් සුළු වේලාවකට පසුව Naqvi මේ බව සදහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ අයි.සී.සීය ඉන්දියාවට පක්ෂපාති ලෙස දෙබිඩි වැඩපිළිවෙලක නිරත වන බවයි. බංග්ලාදේශයට සිදු කළ දේ අසාධාරණ බව ද පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා පවසා තිබෙනවා.

“ලෝක කුසලාන සහභාගීත්වය පිළිබඳ අපගේ ස්ථාවරය පාකිස්තාන රජය මට දෙන උපදෙස් අනුව තීරණය වනවා.” යනුවෙන් ඔහු කියා සිටියා.

“අගමැතිතුමා දැන් පාකිස්ථානයේ නැහැ. ඔහු ආපහු ආවම, මට අපේ අවසාන තීරණය කියන්න පුළුවන් වෙයි. ඒක රජයේ තීරණයක්. අපි කීකරු වෙන්නේ ඔවුන්ට මිසක් ICC එකට නෙවෙයි.”

ඔබට දෙබිඩි පිළිවෙතක් තියෙන්න බෑ. එක රටකට [ඉන්දියාවට] තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි බවත්, අනෙක් රටවලට එහි ප්‍රතිවිරුද්ධ දෙය කළ යුතු බවත් ඔබට කියන්න බෑ. ඒ නිසා තමයි අපි මේ ස්ථාවරය ගත්තේ. බංග්ලාදේශයට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා පැහැදිලියි. ඔවුන් ලෝක කුසලානයට ක්‍රීඩා කළ යුතුයි, ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන කොටස්කරුවෙක්”

“පාකිස්තාන රජය අපි ක්‍රීඩා නොකළ යුතු යැයි පැවසුවහොත්, සමහර විට ICC ය 22 වන කණ්ඩායමක් (ස්කොට්ලන්තයෙන් පසු) ගෙන ඒවි. එය රජය සතු තීරණයක්.”

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවේදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...