ICC ය සිය නිල තීරණය බංග්ලාදේශයට දැනුම් දෙයි – ලෝක කුසලානයට වෙන්න යන දේ මෙන්න

Date:

2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කර, ඔවුන් වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ, බංග්ලාදේශය පසුගියදා පැවැති අයි.සී.සී රැස්වීමෙන් පසුව ද ලෝක කුසලානය ක්‍රීඩා කිරීම සදහා ඉන්දියාවට පිටත්ව නොයන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන්.

අයි.සී.සීය විසින් සිය තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙන ඊමේල් පණිඩිවයක් මගින් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලබන 7 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට එක්වන ලෙස නිල ආරාධනයක් සිදු කරමින් අයි.සී.සීය විසින් ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනයට ද ඊමේල් පණිවිඩයක් යොමු කර තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ICC තීරණයට අනුකූල නොවන බැවින්, වෙනත් රටකට ආරාධනා කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව අයි.සී.සීය විසින් අයි.සී.සී මණ්ඩලයේ සාමාජිකයින් වෙත යොමු කෙරුණු ඊමේල් ලිපියක සදහන් කර තිබෙනවා.

බංග්ලාදේශය ක්‍රීඩා කරන තරග ඉන්දියාවේදී නොපවත්වා ශ්‍රී ලංකාවේදී පවත්වන ලෙසට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සිදු කර තිබූ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පසුගියදා අයි.සී.සී රැස්වීමක් කැදවා තිබුණා.

එහිදී බංග්ලාදේශයේ ඉල්ලීම ඉවත දමමින් තරගාවලිය පෙර සැලසුම් කළ තරග කාලසටහන යටතේම පැවැත්වීමටයි අයි.සී.සීය තීරණය කළේ.

අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට පැමිණෙන්නේද යන්න අවසන් වශයෙන් තීරණය කිරීම සදහා තවත් දිනයක කාලයක් බංග්ලාදේශයට ලබා දීමට අයි.සී.සීය තීරණය කර තිබුණා.

නමුත්, ආරක්ෂක ගැටලු පවතින බැවින් බංග්ලාදේශය සදහන් කළේ තමන් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා ඉන්දියාවට නොපැමිණෙන බවයි.

එළඹෙන අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රහ්මාන් සමග කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ගිවිසුම්ගත වී තිබුණ ද, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කළ දැනුම් දීමකට අනුව ඔහුව සංචිතයෙන් ඉවත් කිරීමට කොල්කටා කණ්ඩායම තීරණය කිරීමත් සමගයි දෙරට අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේ.

ඉන්දු-බංග්ලාදේශ දේශපාලන උණුසුම මීට හේතු වී තිබූ අතර, කොල්කටා කණ්ඩායම ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශය විසින් අයි.පී.එල් තරගාවලිය සිය රට තුළ විකාශය කිරීම තහනම් කිරීමට පියවර ගත්තා.

එමෙන්ම සිය කණ්ඩායම ආරක්ෂක හේතූන් මත ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවට පිටත් කර නොහරින බවයි බංග්ලාදේශය දැනුම් දුන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...