ICC ය දැඩි ස්ථාවරයක ; බංග්ලාදේශයට T20 ලෝක කුසලානය අහිමි වෙයි ද? – තරගාවලියට එන්න යන අලුත් රට මෙන්න

Date:

2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා බංග්ලාදේශයේ සහභාගීත්වය පිළිබද අවසන් තීරණය එළඹෙන 21 වැනිදා වන විට ගැනීමට නියමිතව ඇති බව වාර්තාවනවා.

පසුගිය සෙනසුරාදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා අයි.සී.සී නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැති අතර, එහිදී බංග්ලාදේශය ඉල්ලා තිබුණේ සිය කණ්ඩායමට ඔවුන්ගේ සියලුම තරග ඉන්දියාවේදී ක්‍රීඩා නොකර ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කරන ලෙසයි.

ඒ අනුව මේ වන විට ‘C’ කාණ්ඩයේ රැදී සිටින බංග්ලාදේශය, ‘B’ කාණ්ඩයට (ශ්‍රී ලංකාව ද රැදී සිටින්නේ එම කාණ්ඩයේයි) ඇතුළත් කරන ලෙසත්, ‘B’ කාණ්ඩයේ රැදී සිටින අයර්ලන්තය ඉන් ඉවත් කර ඔවුන්ව ‘C’ කාණ්ඩයට ආදේශ කරන ලෙසත් බංග්ලාදේශය ඉල්ලා තිබුණා.

නමුත්, අයි.සී.සී නියෝජිතයින් මෙලෙස තරග කාලසටහන සංශෝදනය කිරීමට එකගතාවය පල කර නැහැ.

ඒ අනුව තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට පැමිණෙන්නේද, නැද්ද යන්න තීරණය කර ඒ පිළිබද එළඹෙන 21 වැනිදා වන විට තමන්ට දැනුම් දෙන ලෙසයි අයි.සී.සී නියෝජිතයින් සදහන් කර ඇත්තේ.

බංග්ලාදේශය ඉන්දියාවට පැමිණීමට තවදුරටත් විරුද්ධත්වය පල කරන්නේ නම් බංග්ලාදේශ කණ්ඩායමට ලෝක කුසලානය අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් වෙනුවට ශ්‍රේණිගත කිරීම් සලකා බලා ස්කොට්ලන්ත කණ්ඩායම ලෝක කුසලානයට ආදේශ කිරීමට අයි.සී.සීය කටයුතු කරනු ඇති.

එළඹෙන අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රහ්මාන් සමග කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ගිවිසුම්ගත වී තිබුණ ද, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කළ දැනුම් දීමකට අනුව ඔහුව සංචිතයෙන් ඉවත් කිරීමට කොල්කටා කණ්ඩායම තීරණය කිරීමත් සමගයි දෙරට අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේ.

ඉන්දු-බංග්ලාදේශ දේශපාලන උණුසුම මීට හේතු වී තිබූ අතර, කොල්කටා කණ්ඩායම ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශය විසින් අයි.පී.එල් තරගාවලිය සිය රට තුළ විකාශය කිරීම තහනම් කිරීමට පියවර ගත්තා.

එමෙන්ම සිය කණ්ඩායම ආරක්ෂක හේතූන් මත ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවට පිටත් කර නොහරින බවයි බංග්ලාදේශය දැනුම් දුන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...