Watch : ලකුණු 7ට විකට් 5 ගියාට පස්සේ Ferreira එක්ක මල පැන්න බ්‍රේවිස් ගහපු ගැහිල්ල මෙන්න

Date:

SA20 ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගයෙන් Joburg Super Kings පරදා ලකුණු 21 ක සුපිරි ජයක් වාර්තා කිරීමට Pretoria Capitals කණ්ඩායම සමත් වුණා.

ජොහැනස්බර්ග්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Capitals කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 143 ක් රැස් කළේ ඔවුන්ගේ පළමු කඩුලු පහ ලකුණු 7ක් තුළ බිද වැටුණු පසුබිමකයි. (දර්ශන පහතින්)

අනතුරුව ඩිවාල්ඩ් බ්‍රේවිස් හා ශෙර්ෆේන් රදර්ෆඩ් බිද වැටුණු ඉනිම ගොඩ නැගූ අතර, බ්‍රේවිස් ලකුණු 53 ක් පන්දු 47 කින් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්.

ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස ප්‍රකට ඔහු එක් අවස්ථාවක පන්දු 33 කින් ලකුණු 26 ක් ලබා අඩු ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගෙන සිටි අවස්ථාවක පන්දු යවමින් සිටි Donovan Ferreira විසින් ඔහුට උපහාසයට මෙන් ඉගියක් පල කරන ආකාරය දැක ගත හැකි වුණා.

ඊට ක්ෂණිකවම පිත්තෙන් ප්‍රතිචාර දැක් වූ බ්‍රේවිස්, Ferreira යොමු කළ ඊළග පන්දු 5 ට ලකුණු 21 ක් ලබා ගැනීම කැපී පෙණුනා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 2 ක් ද සමගින්. (දර්ශන පහතින්)

රදර්ෆර්ඩ් ලකුණු 74 ක් ලබා ගත්තේ පන්දු 50 කින්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Super Kings පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත්තේ ලකුණු 122 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...