T20 WC : ඉන්දියාවට යන්න බෑ කියන බංග්ලාදේශය කාණ්ඩවල වෙනසක් ඉල්ලයි – ශ්‍රී ලංකාවත් අමාරුවේ වැටෙයි?

Date:

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීම වෙනුවෙන් කාණ්ඩවල ඇති රටවල්වල වෙනසක් සිදු කරන ලෙසට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB), ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සාමාජිකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

සෙනසුරාදා (17) ඩකා නුවරදී ICC නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවකදී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි  ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ඔවුන්ගේ සියලුම තරග ඉන්දියාවේදී ක්‍රීඩා නොකර ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි, ‘B’ කාණ්ඩයේ සිටින අයර්ලන්තය වෙනුවට තමන්ව එම කාණ්ඩයට ඇතුළත් කරන ලෙස ඔවුන් අවධාරණය කර තිබෙනවා.

මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති කාලසටහනට අනුව, අයර්ලන්තය කොළඹදී ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ ඕමානය සමඟ තරග වැදීමට නියමිත අතර, ඔවුන් ක්‍රීඩා කරන මූලික වටයේ අවසන් තරගය මහනුවරදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශය මේ වන විට ‘C’ කාණ්ඩයට ඇතුළත්ව සිටින අතර, ඔවුන් කොල්කටාහිදී බටහිර ඉන්දීය කොදෙව්, ඉතාලිය සහ එංගලන්තය සමඟත්, මුම්බායිහිදී නේපාලයට එරෙහිවත් තරග වැදීමට නියමිතව තිබෙනවා.

මෙලෙස කණ්ඩායම්වල වෙනසක් සිදු කළහොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ, සහ ඕමානය සමගින් තරග වැදීමට සිදුවනවා.

කෙසේ වෙතත්, අයර්ලන්ත ක්‍රිකට් ආයතනය මේ වන විට නිවේදනය කර ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය යටතේ තම රට ක්‍රීඩා කරන තරග ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන යාමට අයි.සී.සීය කටයුතු නොකරන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...