Watch : SA20 පිටියම මවිත කරවූ තරිදුගේ සුපිරි පන්දු යැවීම මෙන්න

Date:

SA20 ක්‍රිකට් තරගාවලියේදී යළිත් වරක් සුපිරි පන්දු යැවීමක නිරත වීමට Sunrisers Eastern Cape කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක තරිදු රත්නායකට හැකි වුණා.

Gqeberha හීදී පැවැති තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Pretoria Capitals කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් Sunrisers පිල කඩුලු 6 ක් දැවී ලකුණු 188 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Pretoria කණ්ඩායමට පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 140 ක් පමණයි.

මීට පෙර පැවැති තරගයේදී පන්දුවාර 2.5 ක් තුළ ලකුණු 9කට කඩුලු 2 ක් දවා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ තරිදු මෙම තරගයේදී පන්දුවාර 4 යොමු කරමින් ලකුණු 15 කට දවා ගත් කඩුලු ගණන 2 ක්.

පන්දුවාරයකට ලකුණු 9.36 ක වේගයක් පවත්වා ගෙන යමින් Pretoria Capitals කණ්ඩායම හොදින් පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවක පන්දුව අතට ගත් තරිදු සිය පළමු පන්දුවාරයේදී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ එක් ලකුණක් පමණක් වීම කැපී පෙනුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...