ශම්සිට පක්ෂව මහාධිකරණයෙන් ක්‍රිකට් ලොවම කැළඹෙන තීන්දුවක්

Date:

ජොහැනස්බර්ග් මහාධිකරණය විසින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට (CSA) එරෙහිව සහ ටබ්රයිස් ශම්සිට වාසිදායක වන අයුරින් වැදගත් නඩු තීන්දුවක් ලබා දී තිබෙනවා.

ලොව පුරා සිටින “නිදහස්” ක්‍රිකට් ක්‍රීඩකයින් (freelance cricketers) කෙරෙහි මෙහි ඇති බලපෑම හේතුවෙන් මෙම නඩු තීන්දුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇති බවයි දක්නට ලැබෙන්නේ.

ජාත්‍යන්තර තරඟ 127කට ක්‍රීඩා කර ඇති වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ශම්සි, මෙවර දකුණු අප්‍රිකානු SA20 තරඟාවලිය වෙනුවෙන් ‘MI Cape Town’ කණ්ඩායම සමඟ අත්සන් තබා තිබූ කොන්ත්‍රාත් ගිවිසුමෙන් මීට පෙර ඉවත් වුණා. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ILT20 සහ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන Big Bash වැනි ලීග් තරඟාවලි සඳහා ක්‍රීඩා කිරීමේ අරමුණින්.

‘MI Cape Town’ කණ්ඩායම සමඟ ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී පැවැති වෙන්දේසියේදී රැන්ඩ් 500,000 ක මුදලකටයි ගිවිසුම්ගත වී තිබුණේ.

නමුත්, ඔහු පෞද්ගලික හේතූන් මත මෙම කොන්ත්‍රාත්තුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි අතර, එය වෙන්දේසි ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමක් බවට පත් වුණා. කෙසේ වෙතත්, SA20 බලධාරීන් එය පිළිගෙන ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට පියවර ගත්තා.

ශම්සි ඉන් පසුව ‘Gulf Giants’ කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වූ අතර, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ඔහුට ILT20 තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවසර ලබා දුන්නේ දෙසැම්බර් 19 දක්වා පමණයි. එනම් SA20 තරගාවලිය ආරම්භ වන තුරු පමණක් එම අවසර ලබා දී තිබුණා.

ඒ අනුව ILT20 තරඟාවලිය අවසන් වීමට පෙර මෙම අවසර (NOC) කාල සීමාව අවසන් වූ බැවින්, ශම්සි අධිකරණයේ පිහිට පතමින් නඩුවක් ගොණු කළා.

අනතුරුව මහාධිකරණය විසින් ශම්සිට පක්ෂව තීන්දුව ලබා දෙමින්, ILT20 අවසන් මහා තරඟය පැවැත්වෙන ජනවාරි 4 වැනිදා දක්වා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි අවසර කාලය දීර්ඝ කරන ලෙසයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට නියෝග කළේ. එමෙන්ම ඔහුගේ නීතිමය වියදම් ගෙවන ලෙස ද ක්‍රිකට් ආයතනයට නියම කළා.

මේ වන විට ශම්සි Gulf Giants කණ්ඩායම වෙනුවෙන් තරඟ 4කදී කඩුලු 4ක් දවාගෙන ඇති අතර, ජනවාරි මාසයේදී ඔහු Adelaide Strikers කණ්ඩායම සමඟ එක්වීමට ඕස්ට්‍රේලියාව බලා යාමට ද නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...