ප්‍රබලයින් දෙදෙනෙකුට අවසන් අළුබදුන ටෙස්ට් තරග දෙක අහිමි වෙයි

Date:

ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ට මෙවර අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක අහිමි වී තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් ඔහු පළමු තරග දෙක ද ක්‍රීඩා නොකළ නමුත්, තෙවැනි තරගය සදහා ක්‍රීඩා කළා.

ඇඩිලේඩ්හීදී පැවැති එම තරගයෙන් ඔස්ට්‍රේලියාව ලැබූ ජයත් සමග තරගාවලියේ ජය ද තරග 3-0 ක් ලෙස මේ වන විටත් ඔවුන් තහවුරු කර ගෙන අවසන්.

ඒ අනුව අවසන් තරග දෙකෙන්ම පැට් කමින්ස් විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත්, පවතින තත්ත්වය අනුව ඔහුට පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලානය සදහා ද ක්‍රීඩා කළ හැකි දැයි සැක සහිත බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ ස්ටීවන් ස්මිත්, කමින්ස් නොමැති වීම හේතුවෙන් සිව්වැනි තරගයේදී ඔස්ට්‍රේලියාවට නායකත්වය ලබා දෙනු ඇති.

බොක්සිං දින ටෙස්ට් තරගය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ජායි රිචර්ඩ්සන් ආදේශ කර තිබෙනවා.

මේ අතර, තෙවැනි තරගයේදී පන්දු රකිමින් සිටියදී පාදයක ආබාධයකට ලක් වූ නේදන් ලයන්ට ද අවසන් ටෙස්ට් තරග දෙක අහිමි වී ඇති අතර, ඔහු වෙනුවට ටොඩ් මර්ෆි සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දකුණු පාදයේ ආබාධය හේතුවෙන් ලයන් අද(23) දිනයේදී ශල්‍යකර්මයකට මුහුණ දුන් බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Australia squad for the fourth Ashes Test:

Steve Smith (c), Scott Boland, Alex Carey (wk), Brendan Doggett, Cameron Green, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Todd Murphy, Michael Neser, Jhye Richardson, Mitchell Starc, Jake Weatherald, Beau Webster.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...