Watch : කොදෙව් පිතිකරුවාට තරු විසි වූ දරුණු වේග පන්දුව මෙන්න

Date:

නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කොදෙව් පිතිකරු Kavem Hodge පන්දුවක් යටි බඩ ප්‍රදේශයේ වැදීම හේතුවෙන් දැඩි ලෙස වේදනාවට පත් වන ආකාරයක් අද දැක ගත හැකි වුණා.

ඔහු කොදෙව් පළමු ඉනිමේදී ලකුණු 97 ක් ලබා සිටියදීයි මෙම අනතුරට මුහුණ දුන්නේ.

කෙසේ වෙතත්, ඉන් දරුණු ආබාධයකට ලක් නොවුණු Kavem Hodge සුපිරි ශතකයක් රැස් කරමින් නොදැවී ලකුණු 109 ක් ලබා දිනය අවසන් වන විට කඩුල්ලේ රැදී සිටියා.

Mount Maunganui හීදී පැවැත්වෙන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 575 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

තෙවැනි දිනය නිමා වන විට කොදෙව්වන් කඩුලු 6 ක් දැවී පළමු ඉනිමට රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 381 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...