IPL 2026 ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වූ හා නොවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් – Live Updates

Date:

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද අබුඩාබිහීදී නිමා වුණා.

වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත්, ඔවුන් අතරින් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ ක්‍රීඩකයින් පස් දෙනෙකු පමණයි.

ඒ අතරින් වනිදු හසරංග, මතීෂ පතිරණ හා පැතුම් නිස්සංක අලෙවි වූ අතර, දසුන් ශානක හා මහීෂ් තීක්ෂණ මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

මතීෂ ඉන්දීය රුපියල් කෝටි 18 කට, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61 ක පමණ අගයකට අලෙවි වීම කැපී පෙනුණා. (වෙන්දේසියේදී අලෙවි වූ හා නොවූ සම්පූර්ණ ශ්‍රී ලංකා ක්‍රීඩක ලැයිස්තුව හා මිල ගණන් පහතින්)

වෙන්දේසියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙකු සංචිතවල රදවා ගැනීමට ද කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කර තිබුණා.

ඒ අනුව දුෂ්මන්ත චමීර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත අතර, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සදහා කමිදු මෙන්ඩිස් හා ඒෂාන් මාලිංග එළඹෙන තරග වාරයේදී ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම නුවන් තුෂාර සංචිතයේ රදවා ගැනීමට තීරණය කර තිබුණා.

ඒ අනුව 2026 තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතයි.

[wpdatatable id=36]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...