IPL 2026 වෙන්දේසිය අද – සියලු තොරතුරු මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (16) පැවැත්වෙනවා. වෙන්දේසිය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2:30 ට ආරම්භ වීමට නියමිතයි.

අබුඩාබිහීදී (Etihad Arena) පැවැත්වීමට නියමිත වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 350 දෙනෙකු ඉදිරිපත් කෙරෙන බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

ඒ අතරට ඉන්දීය ක්‍රීඩකයින් 240 දෙනෙකු ද, විදෙස් ක්‍රීඩකයින් 110 දෙනෙකු ද ඇතුළත්.

වෙන්දේසියේදී ක්‍රීඩකයින් 77 දෙනෙකු මිලදී ගැනීමට නියමිත අතර, ඊට විදෙස් ක්‍රීඩකයින් 31 දෙනෙකු ද ඇතුළත් වනු ඇති.

ක්‍රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් සියලු කණ්ඩායම් වෙත ඉතිරිව ඇති මුදලේ එකතුව සටහන්ව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 237.55 ක් ලෙසයි.

ඒ ඒ කණ්ඩායම් විසින් මිලදී ගැනීමට නියමිත ක්‍රීඩකයින් ප්‍රමාණය –

  • CSK: 9 (4 overseas)
  • Delhi Capitals 8 (5 overseas)
  • Gujarat Titans: 5 (4 overseas)
  • Kolkata Knight Riders: 13 (6 overseas)
  • Lucknow Super Giants: 6 (4 overseas)
  • Mumbai Indians: 5 (1 overseas)
  • Punjab Kings: 4 (2 overseas)
  • Rajasthan Royals: 9 (1 overseas)
  • Royal Challengers Bengaluru: 8 (2 overseas)
  • Sunrisers Hyderabad: 10 (2 overseas)

ඒ ඒ කණ්ඩායම් සදහා ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය (ඉන්දීය රුපියල්) –

  • Kolkata Knight Riders – Rs 64.30
  • Chennai Super Kings – Rs 43.40
  • Sunrisers Hyderabad – Rs 25.50
  • Lucknow Super Giants – Rs 22.95
  • Delhi Capitals – Rs 21.80
  • Royal Challengers Bengaluru – Rs 16.40
  • Rajasthan Royals – Rs 16.05
  • Gujarat Titans – Rs 12.90
  • Punjab Kings – Rs 11.50

වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ඔවුන්ගේ මූලික වටිනාකම් – (ඉන්දීය රුපියල්)

වනිදු හසරංග – කෝටි 2
මතීෂ පතිරණ – කෝටි 2
මහීෂ් තීක්ෂණ – කෝටි 2
පැතුම් නිස්සංක – ලක්ෂ 75
දසුන් ශානක – ලක්ෂ 75
කුසල් මෙන්ඩිස් – ලක්ෂ 75
කුසල් පෙරේරා – කෝටි 1
විජයකාන්ත් වියස්කාන්ත් – ලක්ෂ 75
චරිත් අසලංක – කෝටි 1
දුනිත් වෙල්ලාලගේ – ලක්ෂ 75
ට්‍රෙවීන් මැතිව් – ලක්ෂ 30
බිනුර ප්‍රනාන්දු – ලක්ෂ 75

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...